Home අද ප්‍රමිතියෙන් තොර ලයිම් කන්ටේනර් 25 ක් ගෙන්නලා : ජල පිරිපහදුව අවධානමේ !

ප්‍රමිතියෙන් තොර ලයිම් කන්ටේනර් 25 ක් ගෙන්නලා : ජල පිරිපහදුව අවධානමේ !

68
0

පානීය ජලය පිරිපහදු කිරීම සඳහා මෙරටට ආනයනය කළ ” ලයිම්” හි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසයි.

අදාළ ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව සඳහන් කළ මන්ත‍්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී ඒවායේ ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබූ බවත් පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බවත් පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි .

සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව පැවසූ මන්ත‍්‍රීවරයා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ද ප්‍රශ්න කළ අතර එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන ලෙසද ඉල්ලා සිටියේය.
ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව සිහිපත් කළ මන්ත‍්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බවත් ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බවත් පෙන්වා දුන්නේය.

ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය

Previous articleනුවරඑළිය දිස්ත්‍රික් ලේකම්ට හේතුවක් නැතුවම මාරුවක් !
Next articleරුසියානු හමුදාවේ සිටින ලාංකිකයන් 59 ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here