ලුණු මිල අද (06) සිට ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත.
ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක පවසන්නේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.
මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම මිල අඩු කරන බවද ඒ මහතා පවසයි.
ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවද ඔහු පවසයි