Home අද ෂෙයික් හසීනාගේ නිවස ගිණිබත් කරයි

ෂෙයික් හසීනාගේ නිවස ගිණිබත් කරයි

8
0

බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් මගින් ෂෙයික් හසිනා බංග්ලාදේශ අගමැති ධුරයෙන් නෙරපා හරිනු ලැබූ අතර ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටී.

එහි සිට සමාජ මාධ්‍ය හරහා බංග්ලාදේශ ජනතාව අමතන බවට පළ වූ පුවතක් හේතුවෙන් ඇයගේ නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශය වසර 20ක් පාලනය කළ ෂෙයික් හසිනා මේ වන විට 77 වන වියෙහි පසුවෙයි. පසුගියදා ෂෙයික් හසිනාගේ පියා මෙන්ම බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවස ද කඩා බිඳ දමා තිබුණි

Previous articleආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහි : මහින්දගේ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි !
Next articleචූදිතයින් නිදහස් කළ ආණ්ඩුවෙන් ලසන්තගේ බිරිඳට විශේෂ තනතුරක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here