Home අද බිත්තර ලක්ෂයක් සොරාගනී

බිත්තර ලක්ෂයක් සොරාගනී

62
0

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකුට අයත් ජංගම වෙළඳ ට්‍රක් රථයකින් බිත්තර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ එම බිත්තර තොගයේ වටිනාකම ඩොලර් 40,000ක් බවයි. “පීට් ඇන්ඩ් ජෙරීස් ඔර්ගනික්ස්” නමින් පවත්වාගෙන යන ජංගම වෙළඳ ට්‍රක් රථයකින් මෙම බිත්තර සොරා ගෙන තිබේ.

මේ දිනවල අමෙරිකාවේ බිත්තර මිල ද ඉහල අගයක පවතින බවත් අමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණ රෝගය හේතුවෙන් පසුගිය වසරේ සිට මේ දක්වා එරට බිත්තර මිල සියයට 65 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි

Previous articleඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝග !
Next articleආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහි : මහින්දගේ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here