Home අද ඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 104 ක් පිටවහල් කරයි

ඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 104 ක් පිටවහල් කරයි

9
0

නීතිවිරෝධී සංක්‍රමණිකයන් වශයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ භාරයේ සිටි පිරිසෙන් හඳුනාගනු ලැබූ පළමු ඉන්දීය සංක්‍රමණික කණ්ඩායම ඉන්දියාවට පිටුවහල් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් වාර්තා දක්වන්නේ 104 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ පිටුවහල්කොට ඇති බවයි.

එම කණ්ඩායම අමෙරිකානු හමුදාවේ C-17 වර්ගයේ ගුවන් යානයකින් දැඩි ආරක්‍ෂාව සහිතව ශ්‍රී ගුරු රාම් දාස්ජී අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණ තිබෙන බවත් ඔවුන් හර්යානා, ගුජ්රාට්, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ චන්දිගාර් සහ මහාරාෂ්ට්‍ර පදිංචිකරුවන් බව වාර්තා වේ.

පිටුවහල් කළ පිරිස අතරට කාන්තාවන් 25 දෙනකු සහ බාලවයස්කරුවන් 12 දෙනකු ඇතුළත් වන බවත් ඒ අතර වයස අවුරුදු 04 ක දරුවෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එක්සත් ජනපද නිලධාරීන් 45 දෙනකු සිටින බවද සඳහන් වේ

Previous articleවී මිල නිසා සහල් මිල ඉහලට !
Next articleහිටපු ඇමති සී.බී ට කෝටි 25 ක් ගෙවන ලෙස නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here