Home අද ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?

61
0

රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සැකකරුවන් ලෙස මෙතෙක් නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් එබැවින් ඔවුන් නිදහස්කර යැවිය හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ය.

පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති අතර මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසද දන්වා ඇති

මේ සම්බන්ධව වන ලිපිය දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු විසින් සිය ෆේස්බුක් ගිනුමේ ප්‍රසිද්ධ කර තිබේ.

No description available.

Previous articleනිසි පරික්ෂාවකින් තොරව මුදාහළ බහලුම් 323 ගැන CID ය රේගු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගනියි
Next articleඇමති බංගලා වලට කරන්න යන දේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here