Home අද කිසිම මන්ත්‍රී කෙනෙක්ට රජයෙන් වාහනයක් දෙන්නේ නෑ – ඔවුන් එය සපයා ගනීවි...

කිසිම මන්ත්‍රී කෙනෙක්ට රජයෙන් වාහනයක් දෙන්නේ නෑ – ඔවුන් එය සපයා ගනීවි – කැබිනට් ප්‍රකාශක

92
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා රජයේ වාහන ලබාදීමක් සිදු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රමුඛ කාර්යය වන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම නොවන බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවද සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (05) එක්වෙමින් මේ බව පැවසූ නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන පහසුව ඔවුන් විසින් සලසා ගත යුතු බව කීවේය.

රජය වාහන සංචිතයක් පවත්වාගෙන යෑමටත් එමඟින් මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවටත් ප්‍රතිපත්තියක් ලෙස තීරණය කර තිබුණද අද වන විට එවැනි සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් පරිදි වාහන නොමැති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මේ අනුව දැනට වාහන සංචිතයක් පවත්වාගෙන යෑමට හෝ එමඟින් වාහන ලබාදීමට හෝ කිසිදු හැකියාවක් නැති බව ඔහු අවධාරණය කළේය

Previous articleඑක්සත් ලක් වනිතා පෙරමුණ අචිනි ලොකුබණ්ඩාර ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here