Home අද සමන්ත කෑවේ රනිල්ගේ කජු ද? – සමාජ මාධ්‍ය ප්‍රශ්න කරයි

සමන්ත කෑවේ රනිල්ගේ කජු ද? – සමාජ මාධ්‍ය ප්‍රශ්න කරයි

95
0

රනිල් ක්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය හෙබවූ කාලය තුළ අධික මුදලක් වැය කරමින් කජු කෑ බවට චෝදනා කළ මාලිමා ආණ්ඩුවේ සමන්ත විද්‍යාරත්න ඇතුළු ඇමතිවරුන් ජාතික නිදහස් දින උත්සවයේදී කජු කෑ ආකාරය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

සමන්ත විද්‍යාරත්න මහතා නොනවත්වා කජු කන ආකාරය සහිත වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් මෙම විවේචන එල්ල කර ඇත.

මේ සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබුණේ සීයා කජු කෑ බවට චෝදනා කළ සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා ඇතුළු පිරිස නිදහස් උත්සවයේදී කජු කෑමේ තරගයකට සහභාගි වූ ආකාරයට නොනවත්වා කජු කෑ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරු අනුන් ගැන විවේචනය කරමින් ජනතාව මුලා කළ බව ප්‍රකාශ කරන එම මන්ත්‍රීවරයා කජු කන වීඩියෝව බලන කාටත් ඔවුන්ගේ විවේචන හා සැබෑ නිරුවත හෙළිවෙන බව පවසා  තිබිණි

Previous articleලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !
Next articleදිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000 ක් – පැය 24 ම වැඩ කිරීමට සැරසෙන Passports කාර්යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here