සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අදාල ලියාපදිංචිය ලබාගැනීම සඳහා 0112201201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම ක්‍රමවේදය ඔස්සේ කලින් දිනයක් වේලාවක් ලබා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම කාර්යය ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතා පවසයි