විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
අද(05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කිරීමට නියමිත බවයි.
එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්යමණ්ඩලය සපයා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබාඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට ගත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ