සහල් ගැටලුව ජනාධිපතිවරයකුගේ එක පෑන් පහරින් විසඳිය හැකි බවට තමන් කලකට පෙර කළ ප්‍රකාශය “කතාවට” කියන ලද්දක් වන අතර එය ප්‍රායෝගිකව සිදුකිරීම දීර්ඝ ක්‍රියාවලියක් බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති පිළිගත්තේය.
තම එදා කියු වැඩසටහන වර්තමාන ජනාධිපතිවරයා සහල් වෙළඳාම පාලනය කිරීම සඳහා ආරම්භ කර ඇති බවත් එය දීර්ඝ ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කර සිටියේ ඊයේ (03) විද්‍යුත් නාලිකාවක පැවති සජීවි දේශපාලන සංවාදයක් සඳහා එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා තමන් භාරගත්තේ තෙල් නැවක් ගොඩබාගත නොහැකි, බැංකු ණයකර ලිපියක් නිකුත්කළ නොහැකි බංකොලොත් රටක් බව පැවසූවද, එම තත්ත්වය පැවතියේ 2022 වසරේ රනිල් වික්‍රමසිංහ රට භාරගත් අවස්ථාවේ මිස, 2024 දී අනුර දිසානායක රට භාරගත් අවස්ථාවේ නොවන බව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා පෙන්වාදීමෙන් පසුව එයද පිළිගත්තේය.
එසේම ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹි ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සංශෝධනය කරන බව තම පාර්ශ්වය පැවසුවද, අනතුරුව පැවති සාකච්ඡා වලදී එකී ගිවිසුමට අනුගතව කටයුතු කිරීමට වත්මන් පාලනය භාරගත් බවද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පිළිගත්තේය.