Home අද ලුණු මිල තවත් ඉහළට – වැරැද්ද කලින් ආණ්ඩුවේ ඇමති සුනිල්ගෙන් සහතිකයක්!

ලුණු මිල තවත් ඉහළට – වැරැද්ද කලින් ආණ්ඩුවේ ඇමති සුනිල්ගෙන් සහතිකයක්!

51
0

වෙළෙඳපොළේ ලු‍ණු මිල තව දුරටත් ඉහළ යනු ඇති බව හම්බන්තොට ලු‍ණු ලේවායේ සභාපති නන්දන තිලක පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලු‍ණු තොගයෙන් කොටසක් හම්බන්තොට මහ ලේවායට ලැබෙමින් පවතින බවත් සභාපතිවරයා සදහන් කරයි.

මේ වන විට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකැට්ටුවක් රුපියල් 120 දක්වා සහ කැට ලුණු පැකැට්ටුවක් රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ ලංකාවට ලුණු ආනයනය කිරීමට සිදු වූයේ පෙර ආණ්ඩුව විසින් සිදුකළ වැරැදි කළමණාකරණය හේතුවෙන් බවයි.

අයහපත් කාලගුණ තත්ත්වයන් බලපෑ නමුත් කලින් නිෂ්පාදනය කළ ලුණු තොග රැස් කිරීමට එම ආණ්ඩුව කටයුතු කර නැති බවද ඔහු පැවසීය.

එම පෙර සූදානම නොතිබූ නිසා කර්මාන්තවලට අවශ්‍ය කරන ලුණු ආනයනය කිරීමට සිදුව ඇති බව පවසන අමාත්‍යවරයා ඉදිරියේදී කිසිම දිනක ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවට තමන් සහතික වන බවද පැවසීය .

Previous article77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි
Next articleවිල්පත්තු වනෝද්‍යානයේ කොටියකු සමඟ පොරබැඳි සුනඛයාගේ කතාව වන ජීවීය හෙළි කරගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here