Home අද ලන්ඩන් ගිය රනිල් ලෝකයේම අවධානය යොමුවන විදෙස් මාධ්‍ය හමුවක !

ලන්ඩන් ගිය රනිල් ලෝකයේම අවධානය යොමුවන විදෙස් මාධ්‍ය හමුවක !

157
0

ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය අතර අදාළ වැඩසටහන (05) හෙට පැවැත්වෙයි.

No description available.

අල්ජසීරා මාධ්‍ය ජාලය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබෙන අතර එය ජාත්‍යන්තර දේශපාලන ආර්ථික විශ්ලේෂකයන් , විද්‍යාර්ථීන් , විද්වතුන් සහ පර්‍යේෂකයන්ගේ අවධානය දිනාගත් වැඩසටහනක් වීමද විශ්ෂත්වයකි.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස අනුගමනය කළ දැඩි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාව කඩාවැටීමෙන් ගලවාගත්තේද? නැතහොත් ඉදිරියේදී ඇතිවිය හැකි විශාල දුක්ඛිත තත්ත්වයන් සඳහා පාර සකස් කළේද? සම්බන්ධව අදහස් දැක්වීමට නියමිතය.

දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාරය සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලද අත්දැකීම් ආදිය ද මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වන අදහස් මෙරට ජාත්‍යන්තර සබඳතා , විදෙස් ආයෝජන ඇතුළු තීරණාත්මක කටයුතු කෙරෙහි බලපෑම් සහගත වන බව විචාරක මතය වී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින දහයකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳීසිටීමට නියමිත බවද වාර්තා වෙයි

Previous articleඑක පෑන් පහරේ කතාව කයිවාරුවක් විතරයි – ඇමති සුනිල් ප්‍රසිද්ධියේ පිළිගනියි : තවත් කයිවාරු රැසක්ද පිළිගනියි !
Next articleඋතුරු නැගෙනහිර පළාත් ජාතික නිදහස් දිනය ශෝක දිනයක් කරයි – පළාත් දෙකේම විරෝධතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here