Home අද පැමිණිලි බාරනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි !

පැමිණිලි බාරනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි !

11
0

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනතාවගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇති අතර එහිදී විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවද පෙන්වාදී තිබේ.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පෙන්වාදී සිටියි.

එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සිය චක්‍රලේඛය මගින් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඒ අනුව මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිදු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Previous articleලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට අපට පත් විය හැකියි – ජනපති
Next articleඑක පෑන් පහරේ කතාව කයිවාරුවක් විතරයි – ඇමති සුනිල් ප්‍රසිද්ධියේ පිළිගනියි : තවත් කයිවාරු රැසක්ද පිළිගනියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here