ජාතික නිදහස් දින උළෙල ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරමින් කිලිනොච්චි නගරයේ පිරිසක් අද ( 04 ) කළු කොඩි ඔසවා පෙළපාළි යමින් රජයට විරෝධය පළ කළහ.
අතුරුදහන් වූ පිරිස් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු නොකිරීම, යුධ අනාථයින් යළි පදිංචි නොකිරීම, උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා නොදීම, උපාධිධාරීන්ට රැකියා ලබා නොදීම ආදී කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නිදහස් දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබිණි.
උතුරේ දේශපාලනඥයන්, ස්වේච්ඡා සංවිධාන, ව්‍යාපාරිකයන්ඇ තුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් ජනතාව සමග එක්ව සටන් පාඨ ඇතුළත් පුවරු සහ කළු කොඩි රැගෙන නගරයේ පෙළපාලියේ ගමන් කළහ.
මෙම විරෝධතාවය සංවිධානය කළ පිරිස මීට සතියකට පමණ සිට උතුරු නැගෙනහිර විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත් වූ අතර අද දිනය එම දෙපළාතෙම ශෝක දිනයක් බවට ඔවුන් විසින් නම්කර තිබිණි.
කිලිනොච්චි නගරයේ පෙළපාලි යමින් විරෝධතාවයේ නිරත පිරිස් කිලිනොච්චි කන්දසාමි කෝවිල වෙත එක් රැස්වී දේව කන්නලව්වක්ද පැවැත්වීමට කටයුතු කළේ නගරවාසීන් හා අවට ජනතාවදද සමඟය