Home අද යෝශිත ගේ මෙතෙක් බාරනොදුන් අන්තිම ගිනි අවි දෙකත් බාරදෙයි

යෝශිත ගේ මෙතෙක් බාරනොදුන් අන්තිම ගිනි අවි දෙකත් බාරදෙයි

9
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ තම පෞද්ගලික ආරක්ෂාව සඳහා දීර්ඝ කාලයක් භාවිත කළ ගිනි අවි තොගයෙන් මෙතෙක් භාර නොදී තිබූ ගිනි අවි දෙකක් ඊයේ (31) ආරක්ෂක අමාත්‍යංශය වෙත භාරදී ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා තම ආරක්ෂාව සඳහා රජයෙන් ලබාගත් තවත් ගිනි අවි පහක් පසුගිය 29 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබෙන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පෞද්ගලික ආරක්ෂාව සඳහා රටේ විවිධ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ගිනි අවි නැවත භාර දෙන ලෙස පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද තවමත් එවැනි ගිනි අවි 182ක් ලබා ගැනීමට තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාර නොදුන් ගිනි අවි කඩිනමින් ලබා ගැනීමට මාත්‍යාංශය මේ වන විට පියවර ගෙන තිබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleලොවෙත් නැති වෙන්නම ගහපු බදු ඇතුළත් : මෝටර් රථ ආනයන ගැසට් පත්‍රය මෙන්න !
Next articleප්‍රභූ ආරක්ෂක අංශයේ ඩිෆන්ඩර් රථයක් අනතුරට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here