අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම සංගමයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කරන ආකාරයට ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත පද්ධතියේ දෝෂ පැවතීම හේතුවෙන් බොරු ප්‍රකාශ කරන පුද්ගලයාට අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ඇතුළත් වීමේ හැකියාව පවතී.
මෙම දෝෂ නිවැරදි කරන ලෙස පසුගිය රජයට ප්‍රකාශ කළ බවත් වත්මන් රජයද එය නිවැරදි කිරීමට කටයුතු නොකරන බවත් එයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.