ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ගමන් ගත් ඩිෆන්ඩර් රථයක් අද අලුයම අනුරාධපුර තලාව ඒ 28 මාර්ගයේ දී අනතුරකට ලක්වීමෙන් ආරක්ෂක නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුරින් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් හතර දෙනා තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
ඩ්ෆන්ඩර් රථය තලාව මාර්ගයේ 70 කිලෝමීටර් කණුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල විදුලි කනුවක වැදී මෙම අනතුර සිදුව ඇති බව තලාව පොලිසිය පවසයි.