Home අද මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

15
0

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සේනාධිරාජා මහතා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) රාත්‍රියේ මියගොස් තිබේ.

යාපනයේ පිහිටි ඔහුගේ නිවසේ දී පෙරේදා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධි රාජා මහතා රෝහල් ගත කරනු ලැබීය.

මිය යන විට 82 වියේ පසු වූ සේනාධිරාජා මහතාගේ දේහය අද යාපනයේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන යෑමට නියමිතය

Previous articleසුදත්ත තිලකසිරි ට පොලිස් ආරක්ෂාව දීලා?
Next articleමම දේශපාලනයට කැමති නැහැ – වැඩිදුරටත් දේශපාලනයේ ඉන්නේ නැහැ – ඇප ලැබූ අර්චුනා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here