Home අද ආණ්ඩුව වෙනස් වුවත් සිතූ පැතූ සම්පත් පහළ වෙන්නේ නෑ : නලින්ද ඇමති...

ආණ්ඩුව වෙනස් වුවත් සිතූ පැතූ සම්පත් පහළ වෙන්නේ නෑ : නලින්ද ඇමති සිහිපත් කරයි !

55
0

ආණ්ඩුව වෙනස් වූවා කියා හිතූ පැතූ සම්පත් පහළ වෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සිහිපත් කරයි.

මෙරට සතු වටිනාම සම්පත මානව සම්පත බැවින් එහි ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවද ඔහු පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් අමතමිනි.

“අපේ රටට ඉදිරියට යන්න තිබෙන මාර්ගය තමයි මේක. ආණ්ඩු වෙනස් වුණායි කියලා අපිට හිතූ පැතූ සම්පත් පහළ වෙන්නෙ නැහැ.හැබැයි අපට තියෙන වටිනාම සම්පත මේ මානව සම්පත. එහෙම නම් මෙන්න මේ මානව සම්පතේ තියෙන ගුණය, ඒ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට තමයි අපි සමස්තයක් හැටියට වැඩිපුරම අවධානය යොමුකරන්න අවශ්‍යයි.

අපි විශේෂයෙන්ම මේ අලුත් ආණ්ඩුව හැටියට අපේ ප්‍රමුඛතාව ලබාදීලා තිබෙන්නෙ මේ මානව සම්පතේ ප්‍රවර්ධනයට. එනිසා අපි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු බර තැබීමක් කරනවා.”
ගුණාත්මක අධ්‍යාපනයක් මෙන්ම විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට වර්තමාන රජය කටයුතු කරන බව ද පැවසූ අමාත්‍යවරයා එහිදී නව පර්යේෂණ සහ සංවර්ධන විය යුතු ක්ෂේත්‍ර පිළීබද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බව ද සදහන් කරන ලදි

Previous articleමාදිවෙල මන්ත්‍රී නිවාස වලිනුත් කුලිය අය කරන්න – පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුව!
Next articleලංකාවේ හමුදා හැකියාව නැංවීමට ඇමරිකාව දෙන සහාය නි. ආරක්ෂක ඇමති අගයයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here