ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ හැකියාවන් ඉහල නැංවීමට ඇමරිකානු රජය ලබාදෙන සහාය අගය කරන බවත්, ඊට සිය කෘතවේදීත්වය පිරිනමන බවත් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් අන්තෝනි සී . නෙල්සන් ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ය.
ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ (29) මෙම හමුව පැවැත්විණ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඇති ශක්තිමත් සහ වටිනා සහ සම්බන්ධතා තහවුරු කෙරුණ බවද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි