පොළොන්නරුව හබරන ප්රධාන මාර්ගයේ මින්නේරිය දේවාල පල්ලම ප්රදේශයේදී අද (29) දහවල් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරෙන් පුද්ගලයන් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගෙන දෙහිඅත්තකණ්ඩිය ප්රදේශය බලා දාවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
පුද්ගලික බස්රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම අනතුර සිදුවීමට මූලික හේතුව නොසලකිලිමත්ව රිය පැදවීම බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.