පසුගිය මැතිවරණ වලදී රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කළ කණ්ඩායමේ පිරිසක් නැවත ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන්ව ගිය කොටස් සහ අනෙකුත් දේශපාලන කණ්ඩායම් එක කඳවුරකට එක් කර ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ රජයේ ප්රබල ඇමති ධූර දැරූ බන්දුල ගුණවර්ධන. ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් මෙලෙස පොදු පෙරමුණ සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇත.
අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සමග ඒකාබද්ධ කර ගැනීමේ සාකච්ඡා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සිදු කරන බව එම පක්ෂයේ මන්ත්රීවරයෙක් පැවසීය.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයක් ගොඩනැගීම සඳහාත් එක්සත් ජාතික පක්ෂය හා සමගිජන බලවේගය ප්රමුඛ පෙරමුණක් ගොඩනැගීම සඳහාත් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.