හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරණය ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා අද (27) නියෝග කළේය.
රුපියල් ලක්ෂ පන්සීය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය.මුදල් විශුද්ධි කරනය වැළැක්වීමේ පනත යටතේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර,
ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් මහේස්ත්රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇතිබව සඳහන් කරමින් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතාට සෑම මසකම අවසන් සතියේ ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබීය.