Home අද වී කිලෝ එකකට 150ක් ඕනේ කියලා මම කොහේවත් කියලා නෑ – නාමල්...

වී කිලෝ එකකට 150ක් ඕනේ කියලා මම කොහේවත් කියලා නෑ – නාමල් කරුණාරත්න

164
0

වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් තමන් කිසිදා ඉල්ලා නැතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසනවා.

තමන් දිගටම පෙනී සිටි මතය වූයේ වී නිෂ්පාදන පිරිවැය සහ ඉන් සියයට තිහක මුදලක් එකතුකර වී කිලෝවක් සඳහා මිල නියම කළ යුතු බව යයිද හෙතෙම කියා සිටියේය.

අද වන විට වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් බවත් ඊට සියයට තිහක් එකතු කළ විට වී කිලෝවක් සඳහා රුපියල් 130ක පමණ මුදලක් මෙවර නියම කරන බවත් හෙතෙම කියා සිටියේය.

මේ වනවිට තෙත වී රුපියල් 140ක මිලකට මිලදී ගන්නා බවත් රජය තවමත් වී සඳහා අවම මිලක් නියම කර නැත්තේ එමඟින් ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ ඇති බැවින් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

Previous articleශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් රහසිගතව : ජනපතිට සහ කථානායකට
Next articleසජබ එජාප සාකච්ඡා පෙබරවාරි 10ට කලින් ඉවර කරන්න – රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here