එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා ලබන මස 10 වැනිදාට පෙර අවසන් කල යුතු බව එම පක්ෂයේ නායක ජිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
ඒ අනුව මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට දෙකක් පවත්වා අවසන් කරතිබේ.
මෙතෙක් පැවති සාකච්ඡා වලදී පොදු පෙරමුණක් යටතේ පක්ෂ දෙකම එක්ව ඉදිරි මැතිවරණවලට තරග කළ යුතු බවට දෙපාර්ශවම එකඟ වී ඇතත.
නමුත් ඡන්දයට කුමන ලාංඡනයකින් ඉදිරිපත් වෙනවාද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇත.
ඉදිරි මැති වරණවලට අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ සියලු පක්ෂවලට පිළිගත හැකි පොදු ලකුණකින් මැතිවරණ වලට ඉදිරිපත් විය යුතු බවයි.
මතුව ඇති ගැටලුකාරී කරුණු සම්බන්ධව දෙපාර්ශවය අතර අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම නියෝජිත සාකච්ඡා වලින් පසු පක්ෂ දෙකෙහි නායකයින් දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිතය