නාවික හමුදාවේ සේවය කර වැඩ තහනමට ලක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස්කිරීම සම්බන්ධව තවත් නඩුවක් නුදුරේදීම ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ( 27) දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධව නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ 2006 වසරේ නාවික හමුදාවට බැඳී 2016 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතා වැඩ තහනමට ලක්වූ බවයි.
2006 වසරේ නාවික හමුදාවට බැඳුණු යෝෂිත රාජපක්ෂ 2013 වසරේදී රුපියල් ලක්ෂ 500 ක් වටිනා ඉඩමක් මිලදී ගැනීම. CSN නාලිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් සම්බන්ධ රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බව දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීම සිදුකරන බව ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් පැවසීය