පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව අද (27) නිවේදනය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමිනි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.