Home අද නාමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

නාමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

491
0

ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.

2029 දී නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වනු ඇතැයි විශාල බියකින් ආණ්ඩුව පසුවන බවත් ඒ හේතුවෙන් ඔහුද සිරගත කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බවත් නීතිඥවරයා කියා සිටියේය.

නීතීඥ මනෝජ් ගමගේ මේ බව සඳහන් කර සිටියේ අද (27) යෝෂිත රාජපක්‍ෂ ට අධිකරණය මඟින් ඇප නියම කිරීමෙන් පසුව මාධ්‍ය හමුදාවේ අදහස් දක්වමිනි.

වර්තමාන ආණ්ඩුව පාලනය අසමත් වන තරමටම රාජපක්ෂ භීතිකාව ඔවුන් තුළ ඉහළ ඒමට පටන්ගෙන ඇති බවත් ඒ හේතුවෙන් රාජපක්ෂවරුන් ඉලක්ක කරමින් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.

එසේම යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් බවත් ඒ බව අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු මත තහවුරු වූ බවත් නීතීඥ මනෝජ් ගමගේ පැවසීය .

Previous articleඅමාත්‍යංශ අධීක්ෂණ කමිටු : බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළන නාඩගමක් !
Next articleයෝශිතට එරෙහිව තවත් නඩුවක් නුදුරේදීම ගොනුකරනවා – නීතිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here