මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පාතාලය තුරන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බව පැවසූ ජනාධීපති අනුර කුමාර දිසානායක ‘හොදයි අපි හැප්පිලා බලමු’ කියා අනතුරු අඟවා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම පැවති සුහද හමුව අමතමිනි.
හමුදාවට ගෞරව කරන නමුත් ඒ අතර හමුදා කඳවුරකින් T56 ආයුධ 73ක් පාතාලයට දී ඇති බවත් එයින් ආයුධ 35ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් ආයුධ 38ක් අත්අඩංගුවට ගැනීමට තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන් බලයට ආවේ තිබූ ආකාරයට රට පවත්වාගෙන යාමට නොවෙන බවත් එය වෙනස් කිරීමට බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .