Home අද වී සඳහා සාධාරණ මිලක් නොදුන්නොත් පොලියත් එක්කම ලැබෙයි : ලෑස්ති වෙලා ඉන්න...

වී සඳහා සාධාරණ මිලක් නොදුන්නොත් පොලියත් එක්කම ලැබෙයි : ලෑස්ති වෙලා ඉන්න – ගොවි සංගම් සීරුවෙන් !

38
0

“වී වලට සාධාරණ මිලක් දුන් නැත්තං අර ගෝඨාභය මහත්තයා හිටපු කාලෙ වගේ හතු පිපෙනවා වගේ එක පාරට පාරවල් ටික පිරෙයි මිනිස්සුන්ගෙන්. ඒ ගැන පොඩ්ඩක් අවධානෙන් ඉන්න එදාට උඹලට උත්තර දෙන්න වෙයි පොලියත් එක්ක” යයි අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පවසයි.

තෙත නාඩු වී රුපියල් 95ක් සහ වියළි වී රුපියල් 110ක් ලෙස මිලට ගැනීමට චක්‍රලේඛ එවා ඇති බවට තොරතුරු තිබෙන බවද ඔහු පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ වී ගොවියාගේ නිෂ්පාදනය තුට්ටු දෙකට ගෙන ගොවියා නැත්තටම නැතිකර දමා ආණ්ඩුවේ ගමන යාමට බවද සඳහන් කළේය .

අද වන විට ආණ්ඩුව මුළුමනින්ම වී මිලදී ගැනීම අතහැර දමා ඇති බවටත් පවසන ඔහු මෙය කිසියම් කණ්ඩායමකගේ ඩීල් එකක් යයි සැක සිතන බවද පැවසුවේය.

අද වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා එදා ගොවියාගේ වී කිලෝවට රුපියල් 154ක් ඉල්ලුවද අද 140ක් දෙන්න බැරි බව කියමින් ගොවියාට දොස් පවරමින් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වුවත් හෝමාගම පැවති සුහද ජනහමුව අමතමින් ජනාධිපති අනුර දිසානායක දැක්වූයේ මෙවන් අදහසකි.

“අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ.
ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා. මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි.

Previous articleඅපි හැප්පිලා බලමු : ජනපති අනුර පාතාලයට කියයි !
Next articleහංවැල්ල සමූපෙත් මාලිමාව පරාදයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here