හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අළුත් කඩේ අංක 5 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය අද (25) සවස නියෝග කළාය.
රත්මලාන ප්රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම හා ඒ සඳහා වැය කළ රුපියල් මිලියන 34 ක මුදල උපයාගත් ආකාරය පිළිබඳවව කරුණු තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ බෙලිඅත්තේ අධිවේගී මාර්ග පිවිසුමේදී යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමෙන් පසුව අද සවස මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කරන ලදී.
සැකකරු ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන විට මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවල ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරිය නියෝග කළාය.