Home අද නන්දලාල් උපහාසයෙන් බැහැර කළ “ඇප නැති ණය ක්‍රමය” ගෙනෙන බව චතුරංග කියයි...

නන්දලාල් උපහාසයෙන් බැහැර කළ “ඇප නැති ණය ක්‍රමය” ගෙනෙන බව චතුරංග කියයි !

571
0

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇප රහිත ණය ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවෙමින් ඇති බවද ඔහු පැවසීය.

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව සඳහන් කර සිටියේ BMICH හී අද (24) පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

බැංකු ණය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් , කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රාජ්‍ය බැංකු හරහා සහනයක් දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය .

කෙසේ වුවත් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරන ඇප රහිත ණය ක්‍රමය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය පක්ෂයේ නායක , 2024 ජූලි මාසයේ ලබාදුන් පොරොන්දුවකි. එසේම එය ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති පොරොන්දුවක්ද වෙයි.

2024 ජුනි – ජූලි මාස ආශ්‍රිත ජනහමු වලදී එවකට අනුර දිසානායක පවසා සිටියේ තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙකී ඇප රහිත ණය ක්‍රමය හඳුන්වාදෙන බවයි.

කෙසේ වුවත් එවකට මෙන්ම වර්තමානයේ ද මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 ජූලි මාසයේ ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය.

“ඇප නැතුව ණය දෙනවා කියන ඒකේදී කවුරු හරි ඇප සහතික කරන්න ඕනේ. රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පුළුවන්. එතකොට රජය සහතික වෙනවා කියන්නේ, ණය ගෙව්වේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් ඒ ණය මුදල පියවනවා කියන එක. ඔබතුමන්ලා බදුගෙවන්නන් විදියට කැමති නම් කවුරු හරි නොගෙවපු ණයක් පියවන්න, ඒක ක්‍රියාත්මක් කරන්න පුළුවන්.“

Previous articleඅනුරාධපුර සමූපකාර ජන්දයෙන් මාලිමාව සැරටම පරදියි !
Next articleශ්‍රී ලංකාවෙන් පන්නපු වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here