වත්මන් මාලිමාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලට හිමිවන පහසුකම් පිළිබඳ ජනාධිපති ලේකම්වරයා අමත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන අතර ඊට අනුව කැබිනට් අමත්යවරයෙකුට 15 දෙනෙකුගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 12 දෙනෙකුගේ කාර්යය මණ්ඩලයක් හිමිවෙයි.
එසේම වාහන, ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම්ද පෙර පැවති ආණ්ඩුවල පරිද්දෙන්ම නොවෙනස්ව ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
එහි වෙනස් කරුණක් ලෙස තිබෙන්නේ තම පවුල්වල සාමාජිකයන් අදාළ කාර්යය මණ්ඩලවලට බඳවා නොගන්නා ලෙස අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම්දී තිබීමයි.
එසේම කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමේදී දැනට රාජ්‍ය සේවයේ සිටින වූවන් හැකිතාක් අනුයුක්ත කරගන්නා ලෙසද දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.