රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාලුම් වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු පවසයි.
වරාරේ ඇති වී තිබූ තදබදයත් සමඟ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යැවීම සම්බන්ධව එල්ල වන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ වන විටත් බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නෞකා 27ක් හැරීගිය බවද ඔහු විසින් තහවුරු කළේය. ඒ බව නෞකා ඒජන්තවරුන් මාර්ගයෙන් දැනුවත් වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
කෙසේ වුවත් රේගු පරීක්ෂාවෙන් තොරව නිදහස් කළ බහාලුම් වල වගකීම ගන්නා බව පැවසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොදෙවෙනි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.
පරීක්ෂා කිරීමෙන් තොරව නිදහස් කළ අදාළ බහාලුම් ආශ්‍රිතව රතු ලේබලය සඳහන් බහාලුම් බහුතරයක් තිබූ බව රේගු නිලධාරින් ගේ සංගමය පවසා තිබීම තුළ මේ ක්‍රියාව පසුපස බරපතළ සැකසංකා පහළ වන බවද ඔවුන් පෙන්වා දෙයි.
මීට පෙර මෙරට ප්‍රධාන පෙළේ කෝටිපතියෙකු යුරෝපයේ රෝහල් අපද්‍රව්‍ය බහාලුම් මෙරට තුළ නිදහස් කිරීමට තරම් කූඨ ජාවාරම් වල නිරත අපකීර්තිමත් ඉතිහාසයක් ඇති බව සිහිපත් කරන ඔවුන් පරීක්ෂා කිරීමෙන් තොර බහාලුම් ක්ෂණිකව සිදුකරන මහා බලපෑමක් නොකළහොත් ඒ බහාලුම් තුළ කොතරම් හානිකර දේ තිබුණෙත් අනාවරණය නොවන තරම් බවද අවධාරණය කරයි.