Home අද මහා පරිමාණ මෝල් හිමියන් වී සඟවාගෙන සිටින බවට කියන කතාව අමූලික...

මහා පරිමාණ මෝල් හිමියන් වී සඟවාගෙන සිටින බවට කියන කතාව අමූලික බොරුවක් – ජනපති

115
0

මහා පරිමාණ මෝල් හිමියන් වී සඟවාගෙන සිටින බවට කියන කතාව අමූලික බොරුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) සිරස රූපවාහිනීයේ සටන දේශපාලන සංවාදය සඳහා තනිව සහභාගී වෙමිනි.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් රජයේ වැඩපිළිවෙළට අනුව කටයුතු නොකළහොත් මෝල් පාලනය හමුදා භාරයට පත්කරන බවද ජනාධිපති අනුර දිසානායක පවසයි.

මහා පරිමාණ මෝල් හිමියන් හැප්පෙන්නේ ඒ ආකාරයට නම් හැප්පිලා බලමු කියූ ජනාධිපතිවරයා එබැවින් පාලන මිලට සහල් දීමට හැකි මිලකට වී මිලදී ගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

එහිදී මහා පරිමාණ සහල් මෝල් හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව වන ක්‍රියාවලිය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහිදී කළමනාකරුගේ සිට සහල් වෙළෙඳ පොළ වෙත යැවීම දක්වා මෝල් හිමිකරුවන්ගේ කාර්‍ය මණ්ඩලය යටතේ සිදුවුවත් ඒ සියල්ල අධීක්ෂණය හමුදාව විසින් සිදුකරන බවයි.

එහිදී වෙළෙඳසලට සහල් යවන විටද හමුදා නිලධාරියකු සිටින බවත් ඒ සියල්ලේ වාර්තා ගැනෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

ඒ අනුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් රජයේ වැඩපිළිවෙළ සමඟ හැප්පෙන්න එනවා නම් ඊට මුහුණදීමට සමත් යාන්ත්‍රණයක් සකසන බවද ඔහු පැවසීය.

මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද වී මිලදී ගැනීම සහ සහල් මාෆියාව අවසන් කිරීමට කියමින් හමුදාව යෙදවූවද එය අසාර්ථක විය.

Previous articleබහාලුම් 323ක් පරීක්‍ෂා නොකර නිදහස් කරලා – 80%ක් රතු ලේබල් බහාලුම් !
Next articleඅපිට යන්න තැනක් නෑ : ජනතාව හඬා වැටෙද්දී මීතොටමුල්ල නිවාස 24ක් ක්ලීන් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here