ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී නිවාස ලබාදීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
ඇමතිවරුන් සඳහා ලබාදීමට තිබූ අධි සුඛෝපභෝගී නිවාස 30ක් සහ දිස්ත්‍රික් මට්ටමින් ඇති බංගලා 15 ක් පමණ මේ දිනවල තක්සේරු කිරීම සඳහා පියවර ගෙන තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
තක්සේරු කටයුතු අවසන් වූ වහා එම නිවාස සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හෝ වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.