Home අද ජනපති අනුර දැන් තුන්මුල්ලේ විමලේ වගේ : මන්ත්‍රී චාමරගෙන් බර අවි ප්‍රහාරයක්...

ජනපති අනුර දැන් තුන්මුල්ලේ විමලේ වගේ : මන්ත්‍රී චාමරගෙන් බර අවි ප්‍රහාරයක් !

77
0

ජනාධිපති අනුර දිසානායක පසුගියදා කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති ජනහමු වලදී දැක්වූ අදහස් මෙන්ම එම විලාසය ජනාධිපතිවරයකුගේ හැසිරීමට උචිත නොවන බවත්, ඊට වඩා “තුන්මුල්ලේ විමලේ” හොඳ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ට ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති නිවස අහිමි කළහොත් ඔහුට නිවසක් දීමට මෙරට ඕනෑතරම් ජනතාව ඉදිරිපත් වනු ඇති බවත්, ඔහුගේ ආරක්ෂාව අහිමි කළහොත් ඒ සඳහා ද ජනතාව ඉදිරිපත් වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු මෙරට සිටි රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් අවලාද නැගීම ජනපතිට නොගැලපෙන බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය .

මන්ත‍්‍රීවරයා මේ ආකාරයට ජනාධිපති අනුර දිසානායක පසුගියදා පැවැත්වූ ජනතා හමු වලදී දැක්වූ අදහස් දැඩිව විවේචනය කරන විට, ආණ්ඩු පක්ෂය වෙතින් ඊට අඛණ්ඩව බාධා කෙරුණු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා පවසා සිටියේ “පාර්ලිමේන්තුවේ යහපත් දේශපාලන සංස්කෘතියක්” හදන බව වත්මන් ආණ්ඩුව පවසා සිටියත්, වත්මන් පාලනය එහිද අසාර්ථකව සිටින බවයි.

Previous articleජනාධිපති අනුර, මම මහින්ද රාජපක්ෂ බව අමතක කරනවා – ඔහුගේ කතා ගැලරියට හොඳයි – මහින්ද රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here