තමන් මහින්ද රාජපක්ෂ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අමතක කරන බවත් ඔහු ලිඛිත ඉල්ලීම එවන්නේ නම් ඕනෑම මොහොතක නිල නිවසෙන් යෑමට සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ කැබිනට් තීරණයකට අනුව ව්‍යවස්ථානුකූලව ලබාගත් නිල නිවසක තමන් පදිංචිව සිටින බව ප්‍රකාශ කළ රාජපක්ෂ මහතා එම නිල නිවස තමාගෙන් උදුරා ගත යුතු යැයි හැඟෙන්නේ නම් තමන් ඕනෑම අවස්ථාවක ඉන් පිටව යෑමට සූදානම් බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම නිල නිවසේ තක්සේරු මාසික කුලිය සහ එහි පදිංචිය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් තවදුරටත් කියා සිටියේ
“ජනාධිපති අනුර කුමාර දිසානායක මම මහින්ද රාජපක්ෂ බව අමතක කරනවා ඔහුගේ කතා ගැලරියට සහ ඔහුගේ බොරු මැතිවරණ පොරොන්දු මෙන් පුරවැසියන් නොමඟ යැවීමට හොඳ වුවත් ජනාධිපතිවරයා මට ලිඛිතව එවන්නේ නම් මාගේ නිල නිවසෙන් ඉවත් වීමට මම කැමැත්තෙන් සිටින බව ඔහුට දන්වන්න කැමතියි.
දේශපාලන පලිගැනීම්, හිරිහැර කිරීම්, දක්වා සියල්ල මම දැක තිබෙනවා. ජනාධිපති දිසානායකට මගේ නිල නිවස මගෙන් උදුරාගත යුතු යැයි ඇඟෙන්නේ නම් මම යන්න සූදානම් ” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.