වයස අවුරුදු 19 න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද 18 වෙනිදා ආරම්භ වේ.
මැලේසියාවේ දී අද ආරම්භ වන මෙම තරගය කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර තරගාවලියේ මූලික වටය A.B.C.සහ D.ලෙස කණ්ඩායම් හතරකින් සමන්විත වේ.
ශ්‍රී ලංකාව A. කාණ්ඩයෙන් තරග කරන අතර ඔවුන්ගේ පළමු තරගය හෙට (19) මැලේසියාවට එරෙහිව පැවැත්වෙයි.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6 ක් පැවැත්වෙන අතර සමාරම්භක තරඟය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ. මෙහි මූලික වටය ලබන 23 වැනිදා වන තෙක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරඟයෙන් පසු ප්‍රසාද ලක්වුණු සටහනේ පළමු ස්ථාන හිමි කර ගන්නාකණ්ඩායම් දෙවන වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි