මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායිහි දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදායි.
පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබූ අතර එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත. ආරක්ෂක අංශ සැක පළකළේ ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවයි