අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මරණීය දණ්ඩනය නියමව පසුව නිදහස් වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට උපහාර පිදීමක් සිදුකලේ දැනුවත් භාවයකින් තොරව බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.
පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔහුට ලැබුන ආරාධනයකට එම උත්සවයට සහභාගී වූ බවත් ඉතාම කෙටි කාලයකදී අදහාගත නොහැකි ආකාරයට එමිල් රංජන් ළමාහේවාගේ නම සඳහන් කරමින් ඔහුට උපහාර පිදීමට සිදු වූ බව නීතිඥ සුනිල් වටගල මෙහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම නීතිය ඉදිරියේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා නිර්දෝෂී පුද්ගලයකු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉදිරියේදී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඒ සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරනු ඇති බවටත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
වැලිකඩ ඝාතනයේ චෝදනා ලද එමිල්ට පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමති අතින් උපහාර !