Home අද වෙලේ සුදාට බරපතල වැඩ සහිත වසර අටක සිර දඬුවම්

වෙලේ සුදාට බරපතල වැඩ සහිත වසර අටක සිර දඬුවම්

10
0

මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ”වෙලේසුදා”, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිර දඬුවම් නියමකොට තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

මෙහිදී විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියමකොට තිබේ.

Previous articleසීගිරියේ රෑට ලයිට් දාපු කතාව අමූලික බොරුවක්.! අමාත්‍යංශයෙන් නිවේදනයක් (PHOTOS)
Next articleට්‍රම්ප් මරා දැමීමට අපිට කිසිදු ඕනෑකමක් නෑ – ඉරානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here