Home අද විපක්ෂේ ඉද්දි නිතරම LIVE ආවට දැන් අපි ආණ්ඩුවේ – කුඩා සිද්දි වලින්...

විපක්ෂේ ඉද්දි නිතරම LIVE ආවට දැන් අපි ආණ්ඩුවේ – කුඩා සිද්දි වලින් අපිව මනින්න එපා – මහින්ද ජයසිංහ

83
0

ලබන අයවැයෙන් රාජ්‍ය සේවක පඩි සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩිවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසනවා.

මහරගම ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා.

මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු ඉල්ලීම් 35ක් ඇතුලත් යෝජනාවලියක්ද මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා වෙත භාර දෙනු ලැබුවා.

2021 වසරේ ගුරුවරු කළ අරගලයෙන් ගුරු ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා ගැනීමට හැකිවූ බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තුනෙන් දෙකක බලයක් සහිත රජය ගෙදර යැවීමටත්, ජනතාවාදී වර්ථමාන පාලනය බිහි කර ගැනීමටත් හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන හරියටම ආරම්භ කරන්නේ පෙබරවාරි 01වනදායින් පසුව බවයි.

එමෙන්ම මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ආණ්ඩුවට චෝදනා කළත් තම පාලනය මාධ්‍ය සමඟ ඉතා සුහදව ගනුදෙනු කළ සහ කරන පිරිසක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා මෙහෙඉදී සඳහන් කළා.

මාධ්‍ය මඟින් ආණ්ඩුවේ කිසිඳු යහපත් වැඩක් නොපෙන්වන අතර වැරදි සහ අඩුපාඩු පමණක් පෙන්වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

වර්තමාන පාලනය බස්, ත‍්‍රීවිල් ප‍්‍රශ්ණය හෝ සහල් ප්‍රශ්නය වැනි කුඩා කුඩා සිදුවීම්වලින් නොමනින ලෙසද ඔහු ඉල්ලා සිටී.

ආණ්ඩුව ගැනීමට පෙර නිතර නිතර සජීවීව සමාජ ජාල වල පැමිණියත් දැන් ආණ්ඩුව නිසා එසේ පැමිණියට නොහැකි බවද ඔහු කියා සිටි.

 

Previous articleනියාමනයකින් තොරව වාහන ආනයනය කළොත් රට යළිත් දැවැන්ත අර්බුදයකට
Next articleහර්ෂණට ආචාර්ය පට්ටම දැම්ම ප්‍රශ්නෙට තවත් පාර්ලිමේන්තු ලොක්කෙක්ව CID කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here