Home අද පොංගල් බත හදන්න රතු කැකුළු සහල් හිඟ වුණේ නොමිලේ සහල් බෙදපු නිසා...

පොංගල් බත හදන්න රතු කැකුළු සහල් හිඟ වුණේ නොමිලේ සහල් බෙදපු නිසා : වසන්ත හෙළිකරයි !

23
0

තෛපොංගල් දිනයේ තෛපොංගල් බත පිසීමට රතු සහල් වුවමනා බව තමන් දන්නා නමුත් මේ වන විට රට තුළ රතු සහල් හිඟවී තිබෙන්නේ පසුගිය රජය පසුගිය රජය විසින් රතු සහල් ආහාරය නොගන්නා ප්‍රදේශයන්ටද කිලෝ 20 බැගින් රතු කැකුළු සහල් බෙදා දීමේ අමනෝඥ වැඩ නිසා බව වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

එහිදී ඔහු මෙසේද පැවසීය.


“අද දවසේ තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා රතු සහල් හිඟයක් තියෙනවා කියලා අද සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

වෙළෙඳපොළේ සහල් නැති වීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. රතු සහල් මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණය මම කියන්න කැමතියි. විශේෂයෙන්ම රතු සහල් වගා කිරීම් කරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට, දකුණ වගේම නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවල මේ වී වගාකරන ප්‍රදේශවල මෝල්වල වගේම, ගබඩා සම්බන්ධවත් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව ගත්තාම අපිට දැනෙනවා පසුගිය 2024 වර්ෂයේ හෙක්ටයාර් 277,315ක් අපේ රටේ රතු සහල් වගා කරලා තියෙනවා. 2024 යල සහ මහ කන්න දෙකම ඒ අනුව වගා කරලා තියෙනවා. මේ අනුව වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබිලා තියෙනවා.

දැන් පටන් ගන්නේ මහ කන්නයේ අස්වැන්න. 2024 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර 277,000 මුළු අවුරුද්දෙම යල කන්නයේදී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. යල කන්නයේදී වී අස්වැන්න ලැබිලා තියෙන්නේ හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්, හත්ලක්ෂ හයදහසක් ලැබිලා තියෙනවා මහ කන්නයේදී.

දැන් අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. 2025 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැට එක් දහස් හැට හතක් රතු වී සඳහා වගා කරලා තියෙනවා. අපේක්ෂා කරලා තියෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතලිස් අටදහස් දෙසීය දාසයක්. ඒ අනුව 2025 අවුරුද්දට රතු සහල් හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ.

2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ. පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා.”


 

Previous articleහෝමාගම සමූපකාර ජන්දයත් මාලිමාව පරදියි !
Next articleඅල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට බාල්දියක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here