හෝමාගම සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
වාර්තා වන ආකාරයට හෝමාගම සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 56ක බලය, හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ජයගෙන ඇත.
ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රාදේශීක 44ක් පමණි. මෙම සමුපකාර සමිතිය සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටින අතර පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය පක්ෂය මෙම ආසනයෙහි විශිෂ්ට ජයක් අත්කර ගැණිනි.
මේ අතර පසුගිය දිනවල පැවති කැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ජන්ද වලදී ද ජාතික ජනබලවේගය පක්ෂයේ සහාය හිමිවූ කණ්ඩායම් පරාජයට පත්විය.