පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන පදවිය සඳහන් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතා හෙට (15) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ සභා ලේඛන කාර්යාලයට වන අතර එම කාර්යාලය කටයුතු කරන්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂවරයා යටතේය.
මෙම සිද්ධිය සම්බන්ධව මීට පෙර අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථා දායක සේවා කාර්යාලයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සභා නායක කාර්යාලයෙන් එවන ලද ලිපි ලේඛනවල සඳහන් කර තිබූ පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද හර්ෂණ නානායකකාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන යෙදුම භාවිත කළ බව ව්‍යවස්ථාදායක සේවා කාර්යාලයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධව සභානායක කාර්යාලය යේ නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ තවත් අංශ කිහිපයක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කරතිබේ.