Home අද අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට බාල්දියක් !

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට බාල්දියක් !

30
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරන ලද මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ පත්වීම 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව නීති විරෝධී බව නීතිවේදීහූ පෙන්වා දෙති.

ඔවුන් අවධාරණය කර සිටින්නේ අදාළ පනතේ 17 වන වගන්තිය තුළින් අධ්‍යක්ෂ ජනරල්වරයාට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් පනතේ 19 (ඇ) වගන්තියේ ද සඳහන් කර තිබෙන ආකරයට අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලබන පුද්ගලයා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පළපුරුද්දක් හා මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතු බවයි.

ඒ ආකාරයට නව දූෂණ විරෝධී පනතට මෙම වගන්තිය ඇතුළත් කෙරුණේ පසුගිය කාලයේ අල්ලස් නඩු පැවරීමේදී කොමිසම දැක්වූ පසුබිම සැලකිල්ලට ගෙන බවද ඔවූහු පෙන්වා දෙති

ඒ අනුව නව පත්වීම නීතිය හමුවේ අභියෝගයට ලක්වීමේ හැකියාවද නීතිඥයින් පෙන්වාදෙයි.

පුරප්පාඩුව පැවැති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක පසුගියදා පත් කරන ලදී.

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් නීතීඥ නාමල් රාජපක්‍ෂ පවසන්නේ රංග දිසානායක මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ තැනැත්තකු ලෙස දක්ෂ අවංක බවට විවාදයක් නැතත් වසර 15 ක් අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව එතුමාට පළපුරුද්දක් නොමැති බවයි.

ඒ අනුව අදාළ පත්වීම නීත්‍යානුකූල නොවන බවත් එබැවින් මේ පත්වීමට එරෙහිව ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි .

Previous articleපොංගල් බත හදන්න රතු කැකුළු සහල් හිඟ වුණේ නොමිලේ සහල් බෙදපු නිසා : වසන්ත හෙළිකරයි !
Next articleඇමති බංගලා කුලියට ගැනීමට මේ වන විට පෞද්ගලික අංශයේ දැඩි ඉල්ලුමක් ඇතිවී තිබේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here