Home අද වැලිකඩ ඝාතනයේ චෝදනා ලද එමිල්ට පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමති අතින් උපහාර !

වැලිකඩ ඝාතනයේ චෝදනා ලද එමිල්ට පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමති අතින් උපහාර !

197
0

වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මරණීය දණ්ඩනය නියමවූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ සේවා උපහාර පිදීමට කටයුතු කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විරෝධතා මතුව තිබේ.

ඔහුට උපහාර පිදීම සඳහා වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන නීතිඥ හර්ෂණ නානායක්කාර එක්ව සිටි අතර ඔහු අතින්ම උපහාරය ලබාදීම සිදුකර තිබුණි.

No description available.

No description available.

ඒ සම්බන්ධව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම වැලිකඩ ඝාතනය සම්බන්ධව ග්‍රන්ථයක් ද ලියූ මාධ්‍යවේදි කසුන් පුස්සවෙල “ජනාධිපතිතුමනි, අධිකරණය ඇමතිතුමනි, ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!! ” යනුවෙන් අවධාරණය කර ඇත.

එසේම “Anura Kumara Dissanayake ජනාධිපතිපතුමනි, මා අතින්ම ඔබ ඉල්ලා ගත් වැලිකඩ පොත තවමත් පැලවත්තේ පක්ෂ මූලස්ථාන පුස්තකාලයේ සුරැකිව ඇත. ඔබේ ආණ්ඩුවේ ගරු අධිකරණ ඇමති Harshana Nanayakkaraද ඔබද එහි පිටු ඉතිහාසයේ කුණු බක්කියට අත පිහදා විසිකරන්න! “ යනුවෙන්ද සඳහන් කර ඇත.

කෙසේ වුවත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එමිල් රන්ජන් ළමාහේවාට මරණීය දණ්ඩනය නියම කෙරුණද අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ අභියාචනාව හරහා එකී දඬුවමින් නිදොස් කොට නිදහස් වීමට ඔහුට හැකිවිය.

ඊට අදාළ තීන්දුව 2024 /09/08 හෝ ඊට ආසන්න දිනයක ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි, ශිරාන් ගුණරත්න, එස්. තුරේරාජා සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත්කෙරිණ.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ එනම් 2012 නොවැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේ දී යළි විමර්ශනයක් ආරම්භ වන්නේ යහපාලන රජය සමයේ යි.
මෙම සිද්ධියේ දී රැඳවියන් 27 දෙනෙකු මියගියත්, සාක්ෂි මත පදනම්ව චෝදනා ගොනුකර තිබුණේ ඝාතන 08ක් සම්බන්ධයෙන් පමණි.

Previous articleඉන්ධන බදු වෙනසක් නැතුවම ඉදිරියට : අනුරගේ ගැසට් එක එළියට !
Next articleජපානයට භූ කම්පනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here