ජපානයට රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පොළොව මට්ටමින් සැතපුම් 23ක් ගැඹුරින් එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවත් එහි බලපෑම නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
ඒ අනුව එරට මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත දෙක සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සි පියවර ගෙන තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.